(රවී වික්‍රමාරච්චි)
සිදුවිම් 4ක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන විමර්ශන වහා අවසන් කොට ඒවායේ වාර්තාවන් තමන් වෙතට ලැබිමට සලස්වන්නැයි නිතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මහජන කැළඹිමේ සිද්ධින් වලට තුඩුදුන් සිදුවීම් වන්නේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කොළඹදි පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම සහ මුතුර් හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිම යන සිද්ධින් ය.
මේවා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයන් වහාම අවසන් කර එම වාර්තාවන් තමන් වෙතට ලබා දෙන ලෙස නිතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා දැනුම් දි ඇත.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස වැඩබලන පොලිසපති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂකවරයාට නිතිපතිවරයා විසින් දැනුම් දුන් බවයි රජයේ ජේෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2009 ජනවාරි 8 වනදා, වසීම් තාජුඩීන් ඝාතනය 2012 වසරේ මැයි මස 17 වනදා, කොළඹදි පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිම 2008 සැප්තැම්බර් දීත් , මුතුර් හි රාජ්‍ය නොවන සංවිධානයක සේවකයින් 17 දෙනෙක් වෙඩි තබා ඝාතනය කිරිම 2006 අගෝස්තු දීත්, සිදු වූ ඝාතනයන් සහ අතුරුදන් කිරීම් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here