(සිසිර යාපා)

අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කිරිමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. සභාපති දුමින්ද සම්පත් සහ ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා අද (10) නිකුත් කළ මෙම නිවේදනයට අත්සන් තබා තිබේ.

ඇතිව තිබෙන මෙම තත්ත්වය ජනමාධ්‍ය නිදහසට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම  මෙමගින් ජනාධිපතිවරයා වැරැදි පූර්වාදර්ශයක් සපයා ඇති බවත් ඔවුහු සඳහන් කරති.

“ජනමාධ්‍ය විෂය සහ ආරක්ෂක අමාත්‍යාංශ විෂය එකිනෙකට නොපෑහෙන විෂයන් දෙකක් වන අතර ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීම රූපවාහිනි ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට තම මාධ්‍යකරණය ස්වාධීනව සිදුකිරීමට  නොහැකිවන ලෙස සිදු කරන බලපෑමකි. එක් අතකින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට මෙම තත්වය බලපෑමක්සේ  සැලකියහැකිවාක්මෙන්ම  ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සදහා ගනුලබන පියවරක ආරම්භයද විය හැක.”

“ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ රැසක් අභිමුව තිබියදී ගන්නා ලද මෙම තීරණය යම් ආකාරයක සැකයකට භාජනය වන අතර මේ තත්ත්වය වහා නිවැරැදි විය යුතු බවටද අවධාරණය කරමු.”

“ඇතිව ඇති තත්ත්වය නිවැරැදි කිරීම සඳහා ජනමාධ්‍ය විෂයට අදාලව කැබිනට් අමාත්‍යවරයකු පත්කිරීම ඉතාවැදගත් බව අප සංගමයේ අදහසය.”

“ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන ගැටුම හරහා ජනමාධ්‍ය නිදහසට බාධා එල්ල වන්නේ නම් ඊට එරෙහි වන්නට අප පසුබට නොවන බවද අවධාරණය කරමු.” යයි එම නිවේදනයේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here