(රවී වික්‍රමාරච්චි)

රතන හිමියන්ගේ උපවාසයෙන් පසු රට පුර ස්ථාන රැසක වෙළද සල් වසා දැමීමත්, උද්ඝෝෂණ කිරීමත් නිසා ඇත්ත ප්‍රශ්නය යට ගිය බව ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
රතන හිමියන් මේ උපවාසය ආරම්භ කළ යුතුව තිබුනේ අප්‍රේල් 21 ප්‍රහාරයත් සමඟ බවත්, මේ වෙලාවේ කළ උපවාසයෙන් සිදු වන්නේ සමස්ත මුස්ලිම් සමාජයම සහරන්ලගේ ගොඩට එකතු වීම බවත් ඥානසාර හිමියන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. ඒ අද (04) පැවති මාධ්‍ය හමුවකදීය. ‘අපි හිර ගෙවල් වල ඉඳලා ඇවිත් කියන ඇත්ත කතාව අහන්න මාධ්‍ය නෑ. ඒත් උපවාස කරන තැන් වල ලැගගෙන වාර්තා කරන්න ඇතැම් මාධ්‍ය ඉන්නවා. ජාතික න්‍යාය පත්‍රයකට අනුව වැඩ කළ යුතු වෙලාවක බංකොලොත් පක්ෂ දේශපාලනයට යට වෙච්ච ගිහි-පැවිදි පිරිසකගේ වුවමනාවක් තමයි මේ සිද්ධ වෙන්නේ.’ යැයි එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here