අපේ යෝජනාවලට පොහොට්ටුව කැමතියි

0
230

(දිල්හාන් විමල්ක)

ශ්‍රී.ල.නි.ප. ය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පැවති සාකච්ජාව වඩාත් පලදායී වූ බවත්, පුද්ගලයෙකු ඉලක්ක කරගත් ජයග්‍රහණයකට වඩා යම්කිසි වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම පිළිබඳව ශ්‍රී.ල.නි.ප.යේ අරමුණ බව එම සාකච්ජාව්දී පැවසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසයි. හෙතෙම මේ බව පැවසුවේ කොළඹදී අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

මැතිවරණ මනාප ක්‍රමය වෙනස් කර යුතු බවටත්, අමාත්‍යධුර සංඛ්‍යාව උපරිම වශයෙන් 30කට සීමා කිරීම ඇතුළු කාරනා කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප. ය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවන් වලට ඔවුන්ගේ එකඟතාවයන් ලැබුණු බවද ඔහු සඳහන් කළේය. හෙතෙම මේ බව පැවසුවේ කොළඹදී අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

අමාත්‍යංශ විෂයයන් බෙදීමේදී විද්‍යානුකූලව බෙදා වෙන් කිරීම, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන දේශීය නිෂ්පාදන ඉහල නැංවීම, කර්මාන්තකරුවන් දිරිගැන්වීම ආදී රටේ ආර්ථිකය ගොඩනැගීමේ යෝජනාවලටද ඔවුන්ගේ එක්න්ග්ත්වයක් තිබු බවද මන්ත්‍රීවරයා පැවසිය.

ඉදිරියේදී ජනාධිපතිවරයා සහ විපක්ෂනායක මහිද රාජපක්ෂ සමගද හමුවක් පැවැත්විය යුතු බවටත් එහිදී කතිකාවූ බව පැවසු හෙතෙම ඉන් අනතුරුව ඉදිරි සාකච්ජා පැවැත්වීම සම්බධයෙන් හා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් යෝජනා අදහස් කතිකා වනු ඇති බවද කිය.

ශ්‍රී.ල.නි.ප.යේ 68වන පක්ෂ සංවත්සරය පැවැත්වීම පිළිබඳවද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එම සංවත්සරය සඳහා මෙවර අරාධනා ලැබෙන්නේ පක්ෂයේ ක්‍රියාකාරීම සාමාජිකයන්ට පමණක් වන බවත්, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ලබන (03) වැනිදා පක්ෂ සංවත්සරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බවද කීය.

එහිදී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර දුෂණ,වංචා චෝදනා එල්ල නොවූ නව ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කිරීමට හා නව ශාඛා සමිති පිහිටුවීමටද කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here