මේ ඉන්නෙ ටිකිරි… අවුරුදු 70ක් වයස රෝගී අලියෙක්(ගැහැණු සතෙක්).ඇය මේ දවස්වල නුවර පෙරහැර උත්සවයේ පෙරැහැරේ යන අලි 60 දෙනාගෙන් කෙනෙකි.

අධික ඝෝෂාව,ගිනිකෙළි සහ දුමාරය මධ්‍යයේ ටිකිරි සෑම රාත්‍රියකම පෙරහැරට එකතු වෙනවා.ඇය සෑම රාත්‍රියකම කිලෝමීටර් ගණනාවක් ඇවිදිනවා. ඇයට පෙරවා ඇති ඇඳුම නිසා ඇගේ අස්ථි මතුපිටට බේරුණු ශරීරය හෝ ඇගේ දුර්වල තත්වය කිසිවෙකු දකින්නේ නැත.

ඇගේ මුහුණ අලංකාර දීප්තිමත් විදුලි පහන් ආවරණය වී ඇති නිසා තුවාල වූ ඇගේ ඇස්වල කඳුළු කිසිවෙකු දකින්නේ නැත.ඇය ඇවිදින විට ඇගේ කකුල්වල කෙටි විලංගු ඇති බැවින් ඇයට පියවර තැබීමට අපහසු බව කිසිවෙකු දකින්නේ නැත. සියලු දෙනා දකින්නේ පිටට පේන සුන්දරත්වය පමණි.

සංස්කෘතිය,විශ්වාසයන්හෝ වෙන මොකක් හෝ නිසා වෙනත් කෙනෙකුට බාධාවක්,හානියක් හෝ හිංසාවක් සිදුවෙනවා නම් ඒ මගුලේ සංස්කෘතියෙන් හෝ විශ්වාසයන්ගෙන් ඇති පලක් නැත.අප විසින් වෙනත් ජීවිත දුක් විඳීමට සලස්වන්නේ නම් මෙය ආශීර්වාදයක් හෝ ශුද්ධ දෙයක් ලෙස හෝ මහා සංස්කෘතික මංගල්‍යක් ලෙස හැඳින්විය හැක්කේ කෙසේද ? මේ මොන පාපකර්මද ?

ගෞතම බුදුරජානන් වහන්සේ අද සිටියා නම් මේ වගේ පාපකර්ම දැකලා තමන්ගේ දර්ශනය තියෙන තැන ගැන හිතලා පංචස්තාප වෙන එක නොඅනුමානයි.

ආදරය කිරීම,කුරා කුහුඹුවකුටවත් හානියක් නොකිරීම, කරුණාව හා දයානුකම්පාව මුසු වුණ මාවත අනුගමනය කිරීම බුදුන්ගේ මාර්ගයයි.මේ එම සැබෑ බුද්ධ දර්ශනය අනුගමනය කිරීමට කාලයයි.

ඒත් අන්ධ වූ ගෝත්‍රික නොමිනිස්සු ඉන්න රටක උතුම් බුද්ධ දර්ශනයේ හරයන්ට කෙසේ නම් වටිනාකමක් ලැබේද ?

උපුටා ගැනීම – Justice 4 animal cruelty

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here