ජනාධිපති අපේක්‍ෂකයා වෙන්න මට වාසනාව නෑ

0
148

(රවී වික්‍රමාරච්චි)
අපි ලබන 11 දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී අපේ පළමු සම්මේලනය පවත්වනවා. එදින අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ නායකයා පත්කරනවා. ඒ වගේම එදින මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට නියමිතයි.
මෙම සමුළුවට අපි ශ්‍රීලනිපයට අරාධනා කරලා නෑ. විපක්‍ෂයේ සිටින සියලු පක්‍ෂ හා මන්ත්‍රීවරුන්ට අරාධනා කළා. මම පක්‍ෂ නායකයා වෙන්නෙ නෑ. මට වඩා ඒකට සුදුසු මහින්ද රාජපක්‍ෂ තමයි. මට ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙන්ඩවත් වාසනාවක් නෑ.
අපි මාධ්‍ය නිදහස , සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කරන , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරන,දුෂණය භිෂණය නැතිකරන කෙනෙක් අපි අපේක්‍ෂකයා විදිහට තෝරන්නේ.
මම පෞද්ගලිකව විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්‍ෂ සුදුසු වෙයි කියල. නමුත් මහින්ද රාජපක්‍ෂ නායක තුමාගේ හිතේ ඊට වඩා සුදුසු කෙනෙක් ඉන්ඩ පුළුවන් . ඒ අයිතිය තියෙන්නෙ මහින්ද රාජපක්‍ෂ අතේ.
කාලෙන් කාලෙට එක එක ඒවාට යන අය ඉන්නවා. රහසෙන් යන අයත් ඉන්නවානෙ මතකනේ හිටපු ලේකම් තුමා 2015 දී මහින්දගේ නම ලිකිතව යෝජනා කරල ,ආප්පත් කාල ඊළඟ දවසේ පොදු අපේක්ෂකයා වුනා. ඒවගේ පුද්ගලයෝ ගැන අපිට කියන්ඩ බෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here