“ගෝඨාභයගේ සැබෑ ඡන්ද ලකුණ ජාතික කොඩිය” – ඩිලාන්

0
282

(රවී වික්‍රමාරච්චි)
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අද (29) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ අතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින් මෙලෙස අදහස් දැක්වීය.

“අද මන්ත්‍රීවරුන් හැටියට මමත් එස්.බි.දිසානායකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්ත. ඒ බැසිල් රාජපක්ෂ ගේ අතින්. ගෝඨාභය රාජපක්ෂ ඡන්දය සඳහා තෝරාගෙන තියන ලකුණ පොහොට්ටුව වුනාට එතුමාගේ සැබෑ ලකුණ ජාතික කොඩිය ඒත් ජාතික කොඩිය ඡන්ද ලකුණක් ලෙස ගන්න බෑ.”

“අපි හැදුවේ ශ්‍රීලනිපයේ ඔක්කොමත් එක්ක පොදුජන පෙරමුණට එන්න. මොකද මහින්ද රාජපක්ෂ යෝජනා කරල තියෙන්නෙ එජාප විරෝධී කඳවුරේ අපේක්ෂකයා විතරක් නෙමෙයි අපේ ගැලවුම් කාරයා. අද අපිත් එක්ක මහියංගනේ රයිනෝ කණ්ඩායමේ පිරියක් එන්න හිටියා එයාලගේ ගොයන් කපනව මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නෑ ගොයම් කපනවා කියන එක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here