“අපේ වමේ ව්‍යාපාරයේ ආධ්‍යාත්මික නායකයා මහින්ද”

0
254

(රවී වික්‍රමාරච්චි)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක අද (29) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ අතින් එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගනිමින් මෙලෙස අදහස් දැක්වීය.

“අපි උත්සාහ කළා ශ්‍රීලනිපය මෙම දේශප්‍රේමී, අධිරාජ්‍ය විරෝධී, ප්‍රගතිශීලි පෙරමුණත් සමඟ එකට තියන්න. පසුගිය දවස් වළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති තුමයි එකට තියල ආණ්ඩුවක් හදන්න අපි උත්සාහ කාළා. එකට අපේ ශ්‍රීලනිපයේ ඇතැම් අය විරුද්ධ වුනා. නමුත් අපිට ඒක කරගන්ඩ බැරිවුනා.”

“එදා ශ්‍රීලනිපය හිටපු තැන අද පොදුජන පෙරමුණ ගත්ත. ගෝඨාභය රාජපක්‍ෂට අපි අපේ සියලුම ශක්තිය දෙනවා. අද මට තේරුනේ අපේ පරණ මහගෙදරට ආවා වගේ. අපේ වමේ ව්‍යාපාරයේ, ප්‍රගතිශීලි ව්‍යාපාරයේ, දේශප්‍රේමී ව්‍යාපාරයේ අධ්‍යාත්මික නායකයා වන මහින්ද රාජපක්‍ෂ යෝජනා කරපු ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවන්න සියලුම කැපවීම් කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here