(දිල්හාන් විමල්ක)

පාස්කු ප්‍රහාරමාලාව (අප්‍රේල් 21) සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන කාලසීමාව තවත් මාසයකින් දීර්ග කිරීමට රජය තීරණය කර තිබේ.

එම තේරීම් කාරක සභාවේ කාලය දීර්ග කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයේදී කතානායක කරු ජයසුරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කොමිසන් සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාර මාලාවට අදාලව සාක්ෂි විමසීමේ කටයුතු පසුගිය 10වැනි දිනට ප්‍රථමව අවසන් කිරීමට නියමිතව තිබු අතර ඊට අදාළ වාර්තාව ලබන අගෝස්තු මස 23දිනට ප්‍රථමව නිකුත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here