(දිමුතු හෙට්ටිආරච්චි)

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2020 තෙක් ජපානයේ රැඳී සිටීමට තීරණය කර ඇත.
උන් වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ 2018 වසරේදී ඥානසාර හිමියන්ට ජපානයේ නේවාසික වීසා ලැබී ඇති බවයි. ආගම් ප්‍රචාරය සඳහා මෙසේ උන් වහන්සේ විදෙස්ගත වන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති සමාව ලබා සිර දඬුවමෙන් නිදහස් වූ උන් වහන්සේ දේශපාලන කටයුතු වල නොයෙදෙන බවටත්, ධර්ම කටයුතු වල යෙදෙන බවටත් මුලදී පැවසීය. එහෙත් පසුව දේශපාලන අදහස් ප්‍රචාරය කරමින්, මාධ්‍ය සාකච්ඡා කිහිපයක්ද පැවැත්වීමට කටයුතු කළේය.
ඥානසාර හිමියන්ට විදෙස්ගත වීමට තිබූ තහනමද ඊයේ (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත් කෙරිණි. රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අදාළව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here