(දිමුතු හෙට්ටිආරච්චි)

වඳ සැත්කම් සම්බන්ධ පුවත නිර්මාණය කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ට එරෙහිව පොලිසිය අභ්‍යන්තරයෙන්ම සාක්ෂි ලබාදෙමින් සිටින බව හෙළි වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ජාතිවාදී කලබලයක් ඇතිවිය හැකි තොරතුරක් වැඩබලන පොලිපතිවරයා දැනුවත් නොකොට මාධ්‍යයට ලබාදීම, හිතාමතාම ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීමට ආධාර අනුබලදීම, පොලිසිය නොමග යැවීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here