රිශාඩ්ගෙ සල්ලි වලට පොලිසියත් යටයි

0
119

ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඇති විශාල ධන සම්භාරයට ශ්‍රී ලංකා පොලිසියේ ඇතැම් ප්‍රධාන නිලධාරීන් යටවෙලා සිටින බව එස්. බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
රිෂාඩ් බදියුදීන් ඇමති තුමාට අති භයානක චෝදනා ගොන්නක් අප විසින් එල්ල කරලා තිබෙනවා. ඔහු පිළිබඳව පොලිසියෙන් පවසන ලද්දේ අන්තවාදී සහරාන්ගේ කල්ලිය සමඟ පැහැදිලි සම්බන්ධතාවක් තිබූ බවට ඔප්පු කරගැනීමට නොහැකි වූ බවයි. නමුත් එය අප විසින් පිළිගැනීමට සූදානම් නැහැ. සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බව ඔප්පු කිරීමට අප සාධක ගණනාවක් ලබා දුන්නා. ඔහුට තිබෙන මිනීමැරුම් චෝදනා, මංකොල්ල කෑමේ චෝදනා, අති විශාල ධනස්කන්ධයක් ඉපැයීමේ චෝදනා, සතොසේ කළ මහා වංචාවේ චෝදනා වැනි කිසිවක් පිලිබඳ පරීක්ෂණ කටයුතු තවමත් ඉවර නැහැ. ඒ සියල්ල පිලිබඳ තොරතුරු CID, FCID සහ පොලීසිය යන සෑම ස්ථානයකම තිබනවා. මේ පරීක්ෂණ හිතාමතා ප්‍රමාද වෙන බව අපට දකින්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here