(ශාලික විමලසේන / දිල්හාන් විමල්ක)

රත්නපුර නගරය ඡායාරූපගත කිරීම නිසා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනුෂ්ක දිල්හාරගේ පියා වන නන්දසේන කළුපහනගෙන් අදාළ නීතිවිරෝධී ක්‍රියාවට මුල් වූ මෝදරවානේ ඥානකිත්ති හිමියෝ සමාව ගෙන ඇත.


අනුෂ්ක දිල්හාර සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විශාල පිරිසක් සමග රත්නපුර පොලිසිය ඉදිරියට පැමිණි අදාළ භික්ෂුන් වහන්සේ ඔහු අයිඑස්අයිඑස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔහුට දඩුවම් කිරීමට ජනතාවට භාර දෙන ලෙසත් පොලිසියට බලපෑම් කළේය. සැකකරුවන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු රැසක් මාධ්‍යට පැවසු මේ භික්ෂුන් වහන්සේගේ වීඩියෝපටයක් පසුගිය සති දෙකේදී ෆේස්බුක් සමාජ ජාලයේ ජනප්‍රිය වී තිබිණි.


මේ ඒ පිළිබඳව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනුෂ්ක දිල්හාරගේ පියා නන්දසේන කළුපහන Colombo Trust සමග පළකල අදහස්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here