(සිසිර යාපා)

රවුෆ් හකීම්, රිෂාඩ් බදයුර්දීන්, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනෙක්ද, මහාචාර්ය ජී.එල්. පීරිස් හා මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ කෙහෙලිය රඹුක්වැල්ල යන අය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ කළ සාකච්ඡා අවසන් වී තිබේ. එහිදී විපක්ෂ මහින්ද පවසා ඇත්තේ මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීම තමා කිසිසේත් අනුමත නොකරන බවයි. එල්ලවන චෝදනා සම්බන්දයෙන් එතරම් ගණන් ගතයුතු නැති බවත් අදාල අමාත්‍යංශවල වගකීම් යලි බාරගන්නා ලෙසත් ඔහු එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.
මෙම සාකච්ඡාවට සහභාගී වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූ බැවින් තමන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වූ බවයි. අන්තවාදයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කරඇති එම මන්ත්‍රීවරුන් සියලුම දෙනා එක්ව ජීවත්වන ජන සමාජයක් බිහිකිරීම තම අපේක්ෂාව බවද ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය ද මේ වන විට නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here