(රවී වික්‍රමාරච්චි)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කාලයක් සඳහා අත්හිටුවීම අද (10) දින සිට ක්‍රියාත්මකවේ.
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවන මෙන් පසුගියදා අගමැති බොරිස් ජොන්සන් කළ නිර්දේශය එලිසබත් රැජින විසින් පිළිගනු ලැබීමෙන් පසු අගමැතිවරයාගේ ක්‍රියාමාර්ගයට එරෙහිව බ්‍රිතාන්‍ය දේශපාලන සමාජය තුළ දැඩි විරෝධයක් ලක්වෙමින් තිබිණි.

ඊට පෙර හදිසි මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට බෝරිස් ජොන්සන් කළ උත්සාහය දෙවන දිනටත් ඊයේ දින අසාර්ථක වූයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඊට සහය නොදැක්වීම හේතුවෙනි.

ඔවුන් බහුතරයකගේ අදහස එකඟතාවකින් තොරව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වැළැක්වීමට ඊට පෙර පියවර ගත යුතු බවයි.

එහි ප්‍රතිවිපාකයක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති සම්පාදනය සඳහා කාලය අහිමි කිරීමක් සිදු කෙරෙන අතර, ලබන මස 31 වෙනිදා (ඔක්තෝබර් 31) වනවිට ගිවිසුමකින් තොරව යුරෝපා හවුලෙන් ඉවත්වීම සඳහා ගෙන යමින් පවතින වැඩ පිළිවෙල නතර කිරීමට මන්ත්‍රීවරුන් සඳහා ඇති අවස්ථාව අහිමි කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here