අපේක්‍ෂකයන් ගෙන් භාගයක සහය අනුන්ට

0
67

(රවී වික්‍රමාරච්චි)

“මේ ජනාධිපති අපේක්‍ෂකයන් අතරින් 50% පමණ වෙනත් දාරාවන්ට සහය පලකරන අය හෝ එසේ නැත්නම් තමන්ට පුද්ගලික ප්‍රතිලාබ ලබාගැනීම සඳහා ඉදිරිපත්වන අය.”
ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ අදහස් පළකළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
“පාසැල් දරුවන් මැතිවරණ කටයුතුවලට යොදාගැනීම සදාචාරාත්මක නෑ. අපේක්‍ෂකයෝ 35 දෙනෙක් ඉදිරිපත්වීම හේතුවෙන් අමතරව රුපියල් කෝටි 100 ක් වියදම් වන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරනවා. ඒක කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක්. මේ නිසා ඡන්දදායකයින්ට තමන්ගේ අපේක්ෂකයා තෝරා ගැනීම ප්‍රශ්ණයක් වෙනවා. අපේක්‍ෂකයන් 35 දෙනෙක්ගේ නම් සහිත ඡන්ද පත්‍රිකාවක් නිසා ජනතාවට තමන්ගේ නියෝජිතයා සහ සලකුණ තෝරාගැනීම ප්‍රශ්නයක් විය හැකියි. නමුත් මේ අපේක්‍ෂකයන් අතර ඉන්නව අඩු ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තත් තමන්ගේ දේශපාලන මතවාදය සමාජගත කිරීම සඳහා තරඟකරන කණ්ඩායමක් ඉන්නවා. අපි ඒ අයට නිසි ගෞරවය ලබාදියයුතු වෙනවා. මේ අපේක්‍ෂකයන් අතරින් 50% පමණ වෙනත් දාරාවන්ට සහය පලකරන අය හෝ එසේ නැත්නම් තමන්ට පුද්ගලික ප්‍රතිලාබ ලබාගැනීම සඳහා ඉදිරිපත්වන අය. ඒක තමා අපිට තියෙන පුර්ව අත්දැකීම. නමුත් අපට නිශ්චිතව කිසිදු කෙනෙක් වර්ගීකරණය කරන්න බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here