(රෝවන් ප්‍රනාන්දු)

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබූ නියෝගයක් අද කොළඹ මහාධිකරණය විසින් ඉවත් කරනු ලැබීය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි විසින්, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම තීන්දුවෙන් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here