(රවී වික්‍රමාරච්චි)

සමාජවාදී තරුණ සංගමය විසින් සෑම වසරකම ‘චේ දිනය‘සමරනු ලබන අතර මෙවර ඊයේ(08)චේ දිනය මොරගහහේන යහලකැලේ වත්තේ “චේ උද්‍යානයේදී“ පවත්වන ලදී.

චේ ගුවේරා විසින් හොරණ මොරගහහේන යහලකැළේ වත්තේ රෝපණය කරන ලද මැහෝගනී ගස අසළදී මෙම සැමරුම පැවැත්විණි. චේ ගුවේරා කියුබානු රජයේ අමාත්‍යවරයෙකුව සිටි සමයෙහි, මෙයට වසර 60ට පෙර ශී‍්‍ර ලංකාවේ කළ සංචාරයකදී රබර් වගාව සම්බන්ධයෙන් අධ්‍යයන කටයුත්තක් සඳහා යහලකැළේ වත්තට පැමිණි අවස්ථාවේදී මෙම මැහෝගනී ගස සිටුවා ඇත.
ඊයේ පැවති චේ දින සැමරුමේදී කියුබානු සහයෝගිතා බැනරයක් අත්සන් කිරීම සහ සහයෝගිතා ප්‍රකාශනයක්ද ඉදිරිපත් කරන ලදී. එහි දී කියුබානු තානාපතිනි ජුවානා එලේනා මහත්මිය, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක විශේඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර ලේකම් අංජන අමරසිංහ හා නීතිඥ ශානිකා සිල්වා විසින් මෙහිදී අදහස් පලකළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here