(සිසිර යාපා)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියලුම ප්‍රචාරක කටයුතු ඊයේ (ඔක්තෝබර් 08) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වූ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් පවසයි.

ඒ අනුව අද (ඔක්තෝබර් 09) සිට නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන ඕනෑම අයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තෝරා පත්කරගනු ලබන සභික සංඛ්‍යාව 28 කි.

එම සංඛ්‍යාවෙන් 17ක් කොට්ඨාස මට්ටමින් තෝරාපත් කරගනු ලබන අතර ඊට අමතරව සමානුපාතික නියෝජනය යටතේ පත්කරගන්නා සභික සංඛ්‍යාව 11කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here