(සිසිර යාපා)

ශ්‍රීලනිපයේ තාවකාලික සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ රාත්‍රී (9) පත් කළ පසු ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ සහය ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙන බව අද පැවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය කරනු ලැබුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසිනි.

ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයද මෙම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙත ලබාදෙනු ඇතැයිද පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here