දසුන් ශානක ගෙ නායකත්වය හෝ මේ නව කණ්ඩායම ගැන කිසිවක් කීමට තවම කල් වැඩි බවයි මගේ අදහස , මේ තරඟය දැකපු වෙලාවෙ මතක් උනේ 2016 චන්දිමාල්ගේ නායකත්වයෙන් ඉන්දියාව ට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පලවෙනි T20 මැච් එක ඉන්දියාව ට රිදෙන්න ගහපු හැටි, ඒක කසුන් රාජිත ගෙ වගේම දික්වැල්ල ගෙත් පලවෙනි මැච් එක, අර්බුද යම් ප්‍රමාණයක් තිබුන කාලෙක මැතිව්ස් වෙනුවට චන්දිමාල් නායකයා කරලා ගිය තරඟ සංචාරයක්, පලවෙනි මැච් එකට කලින් ඩිල්ශාන් අබාදයට ලක්වෙනවා. ඒක නිසාම දික්වැල්ල ට එම ස්ථානය එන්නේ, රාජිත පලවෙනි ඕවරේ ව්කට් දෙකක් ගන්නවා , රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහානේ දෙන්නව, ඊට පස්සේ ශිඛර් ධවාන් වත් ටිකකින් ගන්නවා , සුරේෂ් රයිනා ගෙ උඩ පන්දුව අතහැරියේ නැත්නම් එදා කසුන් රාජිත විකට් 4යි. ඊට පසු දසුන් ශානක (ඒ වෙනකොට මැච් කීපයක් තමයි ගහලා තියෙන්නේ )රයිනා, දෝනි, හාඩික් පාණ්ඩ්‍යා ව යවනවා. කොහොම හරි ඉන්දියාව 101 කට සියලු දෙනා දැවී යනවා. අෂිෂ් නේරා තරඟය පටන් ගත්ත ගමන් ලංකාවේ විකට් දෙකක් ගන්නවා , ඊට පස්සේ චන්දිමාල් , කපුගෙදර පරිස්සමට ටික වෙලාවක් ගහලා දෙනවා, කොහොම හරි මැච් එක ඉවර කරන්නේ මිලින්ද ජස්ප්‍රිත් බුම්රා ට පිට පිට 6කුයි, 4කුයි ගහනවා, අවසානයේ කසුන් රාජිත. හැබැයි ඊලඟ මැච් දෙකම ඉන්දියාව ලංකාවට සැරේටම ගහනවා. එතැන තමයි වෙනස් වෙන්නෙ, ඊට පස්සේ චන්දිමාල් ට , කපුගෙදර ට, මිලින්ද ට වුන දේ අපිට දකින්න පුළුවන් වුනා.

හැබැයි ඊට වඩා මේ කණ්ඩායම සෑහෙන්න හොඳ ට සෙල්ලම් කලා, එදා ඉන්දියාව ට වැරදුනේ ඊට කලින් තිබ්බ ඕස්ට්‍රේලියානු සංචාරයේ එකේ රිදම් එකට ගහන්න ගිය එක, ඒකෙන් සෑහෙන්න ඉන්නාදියාවෙ ටයිමින් අවුල් වුනා, හැබැයි මේ ගමන කතා ව වෙනස්, සුලු වෙනස් වීම් කිහිපයක් ඇරෙන්න මේක පකිස්තාන් ජාතික කණ්ඩායම ම තමයි , ඒත් ෂොයිබ් මලික්, මොහොමඩ් හෆීස් දෙන්න ගෙ අත්දැකීම් ලොකු වෙනසක් කරන්න ඉඩ තිබ්බා , ඒත් ඒක එච්චර හිතන්න ඕන නෑ .
භානුක කියන්නේ සුපිරිම කෙනෙක් බව අපි හැමෝම දන්නවා ඒත්, පිතිකරුවෙක් විශ්වාසදායක වෙන්නේ දෙවෙනි ගමනෙදි සාර්ථක උනොත් , ඒක එහෙම වෙන්න සෑහෙන්න ඉඩ තියෙනවා , ඒ වගේම ශානක ගෙ සෑහෙන්න තැන්පත් හැසිරීමක් දකින්න තියෙන එකත් ඉතා හොඳ දෙයක් , ඉතින් අපි බලා ඉමු.
-චරිත දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here