(රවී වික්‍රමාරච්චි)
“චීනය සෙලවිය හැකි වෙනත් බලවේගයක් ලොව නැහැ” ජනාධිපති ෂි ජින්පින් සිය යුද බලය ලෝකයට ප්‍රදර්ශනය කරමින් චීන විප්ලවයේ හැත්තෑ වෙනි සංවත්සරය අනුස්මරණ කරයි.

සභාපති මාඕ සේතුං (Mao Zedong) විසින් 1949 ඔක්තෝබර් පළමුවෙනිදා චීනයේ විප්ලවීය ජයග්‍රහණය බේජිං අගනුවර ‘තියනාන්මෙන්’චතුරශ්‍රයේ සැමරීමත් සමඟ විප්ලවකාරී කොමිනිව්ස්ට් රාජ්‍යය ප්‍රකාශයට පත්කළේය.
මාඕ සේතුං ගේ නායකත්වයෙන් 1921 දී ආරම්භ කරන ලද චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ගෙනයන ලද දීර්ඝ අරගලයකින් අනතුරුව 1949 පිහිටුවන ලද මහජන චීන ජනරජය ඊයේ වන විට වසර හැත්තෑවක් සම්පූර්ණ කළේය.

චීන දේශපාලනයේ වඩාත් කතාබහට ලක්වූ අවධිය වන්නේ 1966-76 අතර කාලය තුළ ක්‍රියාවට නංවන ලද “සංස්කෘතික විප්ලවය” යයි.
මාඕ සේතුං සහ ෂෝ එන්ලායි(Zhou Enla)ගේ අභාවයෙන් පසු චීන ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදු කෙරුණේ 1977 දී ඩේන් ෂියාඕපිං (Deng Xiaoping) විසින් හඳුන්වා දෙන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟය. මේ වකවානුවේ චීනය ඇමෙරිකා එක්සත් ජනපදයට හිතවත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මේ නිසාම ලෝක වෙළඳ සංවිධානයට, අන්තර්ජාතික මුල්‍ය අරමුදලට, ලෝක බැංකුවට ඇතුළුවී සමීපව කටයුතු කිරීමට අවස්තාව චීනයට හිමිවුණි.
ඩේන් ෂියාඕපිං සිය අනුගාමිකයන්ට අපුරු ප්‍රකාශයක් සිදු කර තිබේ එනම් “නිහඬව නිරීක්ෂණය කරන්න, ඔබේ ස්ථානය ආරක්ෂා කර ගන්න, විවිධ කටයුතු වළදී බොහොම සන්සුන්ව වැඩ කරන්න, තමන්ගේ සක්‍යතාවයන් සඟවා තබා ගන්න, කාලය ඇති තරම් විඩන්ගු කරන්න, හැමවිටම පළමු තැන (නායකත්වය) ඉල්ලන්න එපා, පසුපසින් සිටින්න.” යනුවෙනි.


2010 වසරේදී චීනය ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්විය. 2012 වසර වනවිට චීනයේ වත්මන් ජනපති ‘ෂි ජින්පින්’ ට චීන කොමිනිව්ස්ට් පක්‍ෂයේ නායකත්වය සහ ජනපතිකම ලැබීමත් සමඟ ‘තිරයක් මාවතක්’ හදුන්වදුන්නේය. මේ හරහා යුරේශියානු කලාපයේ දැවැන්ත මැදිහත්වීමක් සිදු කිරීම ආසියාව, අප්‍රිකාව දක්වාම පැතිරයයි.
අද වන විට ලෝකයේ ඕනෑම රටක ආර්ථිකයක් හා සම කළ හැකි රාජ්‍යයක් පත්වී තිබේ. වත්මන් ජනපති ‘ෂි ජින්පින්’ යනු මාඕ සේතුං ගේ ගරිල්ලා හමුදාවේ අණදෙන නිලධාරියෙකුගේ පුත්‍රයෙකි.
චීනය එදා මෙදා තුර මිලියන 800 ක පිරිසක් දිළිඳුකමින් මුදාගැනීමට හැකිවී තිබෙනවා. 1978 සිට 2017 දක්වා කාලය තුළ ද්වසරකට මිලියන 19 පිරිසක් මෙලෙස දිළිඳුකමින් මුදාගෙන තිබෙන බව වාර්තා වේ. මෙම ආඩම්බර වීම චීනය හැර වෙනත් කිසිම රටකට විය නොහැකිය.


සිය 70 වන සංවත්සරය සමරන අද වන විට ලෝකයේ විශාලම හමුදාවට හිමිකම් කියන චීන හමුදාවේ ප්‍රමාණය මිලියන දෙකකි. ලෝකයේ දෙවන විශාලතම ආරක්ෂක වියදම දරන්නේද චීනයයි. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක් වසරකට චීනය විසින් දරනු ලබයි. ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ සිය ආරක්ෂක වියදම ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කර තිබේ.
කෙසේ වෙතත් චීනය සිය 70 වන සංවත්සරය ඇති නවීන අවි වලින් සමන්විත කර තිබිණි. එහි බොහෝ අවි පළමු වතාවට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ ඒවා වීම විශේෂ වේ. මෙහිදී ප්‍රදර්ශනය කළ DF 17 මිසයිලය ලෝකයේ තිබෙන ඕනෑම මිසයිල ආරක්ෂණ පද්දතියක් හරහා ගමන්කිරීමේ හැකියාව ඇති මිසයිලයකි. ඒවාගේම DF41 මිසයිලය සැතපුම් 9400 ක් ගමන් කල හැකි මිසයිලයකි.


චීනය පවසන්නේ මෙම අවි කිසිසේත් රටකට විරුද්දව භාවිතා නොකරන බවයි. එහෙත් මෙම අවි පිළිතුරු ප්‍රහාරයකට පමණක් භාවිතා කරන බවයි.

හොංකොං දූපතේ බේජිං පාලනයට එරෙහිව වීදි විරෝධතා
චීනය සිය 70 වෙනි විප්ලවීය සංවත්සරය සමරමින් සිටියදී, හොංකොං දූපතේ විරෝධතා කරුවන් දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණය කරමින් සිටි අතර පොලිසිය සමඟ ප්‍රචණ්ඩ ගැටුම් ඇති වී ඇති අතර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

හොංකොං උද්ඝෝෂකයෝ චෝදනා කරන්නේ සිය දූපතේ සමාජ දේශපාලන ජීවිතය පාලනය කිරීම සඳහා ‘බේජිං පාලකයන් කරන මැදිහත්වීම වැඩිවෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here