(රවී වික්‍රමාරච්චි)
ගෝඨාභය රාජපක්ෂ ගේ හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි ලේඛනවල කිසිඳු දෝෂයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“පසුගිය සිකුරාදා NGO කාරයෝ දෙන්නෙක් එකතුවෙලා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පැවරුවා. අද අභියාචනාධිකරණය තීරණය කරනව ලබන දෙවැනිදා සහ තුන්වනදා සවස විභාග කිරීමට තීරණය කරල තියනවා. තුන්වෙනිදා සහ හතරවෙනිදා නඩුව අහල තීන්දුව දෙනවා. හත්වෙනිදා නාමයෝජනා. එතකොට කුමක් වෙයිද කියල ජනතාවට බියක් ඇතිවෙනවා. රාජිත ඊයේ මාධ්‍යයට කිව්වා නඩුව පැවරුවේ එ.ජා.ප.ය කියලා. 2003 දී ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවය ගත්තා.”

“2005 නොවැම්බර් 21වෙනිදා ගෝඨාභයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නැතිවෙනවා.
නැවත මෙරට පුරවැසිභාවය ගත්තා මේ ද්විත්ව පුරවැසිභාවය ගත් ලිපිය අමාත්‍යාංශ ලේකම් වෙනුවට අතිරේක ලේකම්වරයෙකු අත්සන් කළා.”

“ජනපති ලෙස මහින්ද රාජපක්ෂ අත්සන් කළා ගෝඨාභයට සහතිකය නිකුත් කරන්නේ 2005 මහින්ද ජනපතිධුරයට පත්වෙලා ඇමති මණ්ඩලය පත්කරන්නේ නොවැම්බර් 22 වෙනිදා ලේකම්වරු පත්කරන්නේ නොවැම්බර් 23 සහතිකය නිකුත් කරද්දි ලේකම්වරයෙක් නැහැ.”

“මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් මොවුන් පවසන්නේ මේ සහතිකය වලංගු නැහැ කියලා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයට කලින් 44 වෙනි වගන්තියේ තියෙනවා අමාත්‍යාංශයක්, ආයතනයක්, විෂයක් වෙනත් ඇමතිවරයෙකුට පවරා නැත්නම් එය අයත්වන්නේ ජනාධිපතිවරයාට කියල. ඒ නිසා විෂයභාර ලේකම් ජනාධිපති ලේකම්වරයා වෙනවා. නඩුව පදනම් විරහිතයි.

2019 මැයි 03 වෙනිදා මේ අමෙරිකානු පුරවැසිභාවය අහිමිවීමේ ලේඛනය අනුමත කිරීමේ දිනයත් සඳහන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here