උතුරට නැවත ජාතිවාදය ආගම්වාදය එපා!

0
254

(දිල්හාන් විමල්ක)

කිසිම ආගමික පූජකවරයෙක්, බෞද්ධ භික්‍ෂුවක් හෝ මවුලවී කෙනෙක් හෝ කතෝලික පියනමකට රටේ පවතින නීතියට පිටින් යා නොහැකි බවත්, ඔවුන් සියල්ලන්ම නීතියට යටින් සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අවධාරණය කරයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ හා දකුණේ දේශපාලකයන් උතුරේ ජන්ද ජයග්‍රහණය සඳහා ජාතිවාදය ආගම්වාදය ඇවිස්සීමේ ක්‍රියාවලියක නිරතවී ඇති බවත්, උතුරේ ජන්ද දායකයන් බිය ගන්වා ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංස්කෘතියකට විවිධ කල්ලි කණ්ඩායම් මෙහෙයවමින් එම දේශපාලන පිරිස් උතුරේ මේවන විට නිවාස වෙන්කර ගෙන කඳවුරු බැඳ සිටින බවද ඔහු පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කෙළේ බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිල නිවසේදී අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

උතුරේ ජනතාවගේ ජන්දයෙන් තොරව ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට නොහැකි බවත්, එය සෑම ජනාධිපතිවරණයකදිම තීරණාත්මක ජන්ද බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම නිසා එම මෙවර මැතිවරණ ජයග්‍රහණය මුල් කර ගනිමින් උතුරේ සිද්ධීන් පදනම් කර ගෙන විවිධ දේශපාලන පක්ෂ හා දේශපාලකයන් ඇතුළු කණ්ඩායම් විසින් කරනු ලබන බලපෑම් ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත්, එවැනි පිරිස් උතුරේ ගෙවල් මිලදී ගනිමින් මේවන විට පුර්ණ කාලීනව විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පදිංචි වී ඇති බවත් පවසන ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ උතුරට සම්බන්ද නැති පුද්ගලයන් එසේ උතුරේ පදිංචිවීම සම්බන්ධයෙන් තමන්ට බරපතල සැකයක් පවතින බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here