ආබාධිත රණවිරුවන්ට රු.බිලියන 3.5ක්!

0
218

(දිල්හාන් විමල්ක)

ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපට අමතරව වැටුප ලබාදීමට මසකට රුපියල් බිලියන 3.5ක මුදලක් වැයවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

පාරේ උද්ඝෝෂණය කරනු ලබන රණවිරුවන් මෙපමණ මුදලක් රණවිරුවන් වෙනුවෙන් වැය කිරීම පිළිබඳවත්, මේ මුදල් ගෙවීමට එම මුදල් එකතු කරන්නේ රටේම ජනතාවගෙන් බවට දැනගත යුතුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශයේ හිරවී ඇති බවත්, රණවිරුවන්ගේ මෙම ඉල්ලීම මේවන විට පටු දේශපාලන වාසි තකා දේශපාලන ස්වරූපයකින් පැමිණ ඇති බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ සිය පක්ෂ මුලස්ථානයේ අද (24) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

අබාධිත රණවිරුවන්ගේ ශරීරයේ අබාධිත තත්ත්වය සියයට 40 ක්ව තිබියදී ලබා දුන් සහනය සියයට 20 දක්වා වූ අබාධිත තත්ත්වයකදී පවා ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබු බවත්, නමුත් එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව හෙතෙම පවසයි.

මේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් සියයට 85කට පමණක් විශ්‍රාම වැටුප් ගෙවන බවත්, වයස අවුරුදු 55 සපිරූ රණවිරුවන්ට විශ්‍රාම වැටුපට අමතරව සුරැකීමේ දීමනාවක් ලබාදීම මගින් වැටුපමෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත බවද ඔහු කීය.

නමුත් ඔවුන් විශ්‍රාම වැටුපට අමතරව වැටුපද ඉල්ලා සිටියදී කිසිම රාජ්‍ය සේවකයකුට නොමැති එම වරප්‍රසාධය අබාධිත රණවිරුවන් වෙනුවෙන් ලබාදීමටද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත්, එසේ තිබියදී එම ගැටලුව දේශපාලන ස්වරූපයකින් පැමිණි විගස ඊට ප්‍රතිචාර හා වොයිස් කට් ලබාදීමෙන් එම රණවිරුවන්ගේ තත්ත්වය රටට පෙන්වීමෙන් විශාල වේදනාවක් රටේ ජනතාව කෙරේ ඇති කර තිබෙන අතර එහි අවසාන වෛරය මුදා හරින්නේ ජනාධිපතිවරයාට බවද හේ අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here