පුවත්

සජිත්ට රනිල් හා කියන ලකුණු

(රවී වික්‍රමාරච්චි)
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර ඊයේ (11) පැවති සාකච්ඡාවලින් පසු ඉදිරියේදී සජිත් ප්‍රේමදාසට එජාපයේ ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දීම සලකා බැලීමට ඉඩ ඇති බව වාර්තාවේ.

මේ පිළිබඳ අදහස් සක්වන සජිත් ප්‍රේමදාස සඳහන් කරන්නේ, තව දින කිහිපයක් ඇතුළත සුබවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රීයේ මෙම පැවැත් විනි.එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මෙහිදී ප්‍රකාශකර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

මුලින් මෙම හමුව රනිල් සහ සජිත් අතර පමණක් සිදුවන සාකච්ඡාව විය යුතු බවට තීරණය වූවත් ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන පිරිසද සහභාගි වූහ.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close