පුවත්

දයා ගමගේ හිතවතුන්ට තොරතුරු තාක්ෂණ පත්වීම්

(දිල්හාන් විමල්ක)

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් අද(11) සවස 3.00ට භාරදීමට නියමිතය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් අමාත්‍ය දයා ගමගේ විසින් දේශපාලන හිතවතුන් වෙත තොරතුරු තාක්ෂණ සහකාර පත්වීම් ලබා දීමක් කර ඇති බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය චොදනා කරයි.

ඊට එරෙහිව එම සංගමය විසින් එම කොමිසම වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ පවසයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ දිවයින පුරා ක‍්‍රියාත්මක වන සමෘද්ධි බැංකු 1072 හා සමෘද්ධි බැංකු සමිති 400 ආසන්න ප‍්‍රමාණයකට ඇමතිවරයා විසින් බත්තරමුල්ල සුහුරුපාය ශ‍්‍රවණාගාරයේදී අද (11) මෙලෙස පත්වීම් ලබාදී ඇතැයි හෙතෙම චෝදනා කරයි.

ඇමතිවරයා විසින් විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රියා පටිපාටිය උල්ලංඝණය කරමින් මෙලෙස පත්වීම ලබාදීම හේතුවෙන් දැනට වසර 6ට ආසන්න කාලයක සිට සමෘද්ධි බැංකු වල තාවකාලික පදනම මත බඳවා ගෙන ඇති අය හා උසස් වීම් ක‍්‍රමවේදයක් අපේක්ෂා කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හට අසාධාරණයක් සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close