News Videoපුවත්

රාජපක්‍ෂ කඳවුරේ දුර්වලම අපේක්‍ෂකයා ගෝඨාභය

(රවී වික්‍රමාරච්චි)
රාජපක්‍ෂ කඳවුරෙන් ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයා බවත් ඔහු පහුගිය කාලයේ භාවිතාවෙන් ඔප්පු කොට තිබෙන බවත් ඔහුට මූල්‍ය විනයක් හෝ පරිපාලන විනයක් නැතැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.
බත්තරමුල්ල, පැලවත්ත පක්‍ෂ මුලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අදහස් පළ කළේය.

“අපේ රටට දේශපාලකයෙක් නොවන කෙනෙක් නායකත්වයට සුදුසු වන්නේ නැහැ. අප ඉදිරිපත් කරන නායකයා දේශපාලන වශයෙන් පරිණත නායකයෙක්. ඔහුට දේශපාලනය කරලා හොඳ දැනුමක් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පුද්ගලයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වගේම රට ගැනත් ජනතාව ගැනත් හොඳ දැනුමක් තිබිය යුතුයි කියලා අපි හිතනවා.”

“අපරාධ වැරදිවලට වරදකරුවී ඇති අපේක්‍ෂකයන්, නඩුපවතින අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබානොදිය යුතුයි කියලා. වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට තරඟ වදින අපේක්‍ෂකයින්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයින් එක්වී මෙලෙස නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. සියලූ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිප්කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්‍ෂකයින්. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ ඊට හාත්පසින් පරස්පර දේවල්.”
මෙතෙක් කල් රට පාලනය කළ කණ්ඩායම් දෙකට එරෙහිව නව බලවේගයක් ලෙස එය ගොඩනගා තිබෙනවා. එම ජාතික ජන බලවේගයේ පාර්ශ්වකරුවන්ගේ අනුමැතියත් සහිතව මෙවර ජනාධිපිතවරණය සඳහා නව අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. යැයි මන්ත්‍රීවරයා පවසයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close