News Videoපුවත්

රාජපක්‍ෂවරුන්ට තියෙන්නෙ බල පෙරේතකම

(රවී වික්‍රමාරච්චි)
ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බවත් තමා ඒ අයට කිසිසේත් සහයෝගය නොදෙන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

“මම පොහොට්ටුවට සහය දෙනවා කියල කියන කතාව බොරුවක්. රාජපක්‍ෂල විශ්වාස කරන්නෙ කව්ද?. හොරු , මිනීමරුවො කියල දන්නා කිසි කෙනෙකුට මට සහයෝගය දෙන්න බෑ . මම ඔය බලයේ ඉන්න කිසිම රාජපක්‍ෂ කෙනෙක් සමඟ කතා කරල නෑ 2015 වසරෙන් පස්සෙ.”

“ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් නෑ. එයාලට රට හදනව නම් අවුරුදු නවයක් තිබුන හැදුවද?”.ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
මම දෙපාරක් ජනාධිපති වුනා ආයෙත් මම බලය ඉල්ලුවේ නෑ. රාජපක්‍ෂවරු බලය ඉල්ලන්නෙ බල පෙරේතකමට.” බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close