පුවත්

අපි මුස්ලිම් වීම අපේ තේරීමක් නෙමෙයි -ෆාරිස් සාලි

(රවී වික්‍රමාරච්චි)

ආගමික උමතු අන්තවාදයත්, ජාතිවාදයත් පරදවන ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවත්, ජාතික සමගියත් තහවුරු කරන විශේෂ යෝජනා මාලාව එළිදැක්වීම ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට සුළු මොහොතකට පෙර ජනගත කළේය.
එය ජනගත කිරීමේ අවස්ථාව මේ වනවිටත් ශ්‍රී ලංකා පදනම් ආයතනේදී පැවැත්වෙමින් තිබේ.
මෙහිදී අදහස් දැක්වූ රම්‍ය ලංකා සමුහයේ සභාපති එම්.එච්.එම්. ෆාරිස් සාලි අදහස් දක්වමින් , “මේ රට දාල ගිය අය එන්ඩ හිටපු වෙලාවක තමයි මේ ප්‍රහාරය එල්ලවුණේ ,දැන් මේ රට දාල යන්ඩ ආයෙත් මිනිස්සු ලැස්ති වෙනවා. මේ ප්‍රහාරයෙන් පස්සෙ හැමෝම අපි වෙනස් වෙලා.එකට හිටපු අපි හැමදෙනාම අපි දිහා සැකෙන් බලන්ඩ වෙලා. මම මුස්ලිම් වෙන්ඩ ඕනේ කියල මම තීරණය කළේ නෑ. මේ තීරණය මගේ, අපේ, තේරීමක් නෙමෙයි. ඒක දෙවියන්ගේ තේරීම.
මම හැඳුනේ පොදු මිනිසුන් ගොඩක, මම නිදහස් අධ්‍යාපනයෙන් හැදිච්ච මිනිහෙක්. මම මේ රටට සේවය කරන්න ඕනෙ.
අපි දේශපාලන පක්‍ෂ පැත්තකට දාල හිතන්ඩ ඕනෙ වෙලාවක්” යැයි පැවසීය.

Tags

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close